උණුසුම් පුවත්
Search
samitha

”සමිතා සහ චිරන්ත මව් පිය පදවි ලබන්න සැරසෙනවද ?” – සමිතා උත්තර දෙයි

4738

සමිතා මුදුන්කොටුව ගැන කතාකරද්දී අපිට මුලින්ම මතකයට එන කෙනෙක් තමයි ඇයගේ ආදරණිය සැමියා චිරන්ත ගුණවර්ධන. සමිතාගේ ජිවිතේ ලස්සන කරන්න ආපු වාසනාවන්ත තරුණයෙක් තමයි චිරන්ත කියන්නේ. මේ පවුලට ඉතාමත්ම සතුටින් කාලය ගතකරමින් ඉන්න නිසා ඔවුන්ට ආදරේ කරන ප්‍රශංසා කරන අයත් ඉරිසියා කරමින් විවිධ කතා හදන අයත් ඉන්නවා. ඒ අතරේ සමිතා ගැන කතා වුන ලොකුම පුවත තමයි මේ.

image 177

ඒ තමයි සමිතා සහ චිරන්ත මව් – පිය පදවි ලබන්න යනවා කියන කතාව. ඒ කියන්නේ චිරන්තගේ අතින් සමිතා තෙවන වරටත් මවක් වෙලා කියලා. සමිතා ගැන කතා වුන අනෙකුත් දේවල් වලට වඩා මේ කතාව ටිකක් සැර දෙයක්. මොකද එහෙම දෙයක් කිව්වම හැමෝම ඇයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට සමිතා ලයිව් ඇවිත්ම උත්තර දුන්නේ මෙහෙමයි….

image 179

”මං ගැන මගේ සැමියා ගැන වගේම දරුවන් ගැනත් සමාජ මාධ්‍ය වල ගොසිප් දාල තියනවා මම දකිනවා…. නමුත් සාමාන්‍යයෙන් මම කවුරුත් කියන බොරු කතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි…. ඒත් කෙනෙක් ගැන යම් දෙයක් කියනවා නම් ඒකට හේතුවක් සාක්ෂියක් තියෙන්න ඕන. හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට මඩ ගහන එක හොඳ දෙයක් නෙවෙයි….

image 180

මමත් ඔය කියන හැමදෙයක්ම ගැන ඕනවටත් වඩා ඉවසගෙන හිටියා. ඒත් මේකට උත්තරයක් නොදී හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා කියන්න ඕන කියලා හිතුවා. ඒ තමයි මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා තැන් තැන් වල පෝස්ට් හදලා දාලා තියනවා…..

image 181

මම මුලින්ම ඔයාලගෙන් අහන්න කැමතියි යම් කෙනෙකු ගැන එහෙම දෙයක් කියන්නේ කොහොමද? කවුරුහරි විවහා වුනාම දරුවන් හදනවද නැද්ද කොච්චර කාලෙකින්ද බබාලා හදන්නේ කියන ප්‍රශ්නය කෙනෙකුගෙන් අහන එක හරිද? එතකොට කිසිම හේතුවක් නැතුව මගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවද කියලා අහන එක හරිද? ඇත්තෙන්ම මම කනගාටු වෙනවා, මෙහෙම මිනිස්සු කරන දේවල් ගැන…. තවත් කෙනෙක් ගැන මේ වගේ බොරු ප්‍රචාර කරන එක කොච්චර වැරදි දෙයක්ද…” කියලා තමයි ඇය විමසන්නේ.

image 178



Leave a Reply

Your email address will not be published. Required fields are marked *