ආරක්‍ෂක අමාත්‍යාංශයට අමතර තවත් අමාත්‍යාංශ 04ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගැනීමට තීරණය වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තියට අනුව අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එම අමාත්‍යාංශ පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇත.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති, තාක්‍ෂණ, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ, ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ 04 මෙසේ ජනාධිපතිවරයා භාරයේ තබා ගැනීමට නියමිතය.
මෙම අමාත්‍යාංශ 04 ට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශය පවතින්නේ ද ජනාධිපතිවරයා යටතේය.