ඔමික්‍රෝන් ප්‍රභේදය පාලනය කරන්න බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමටයි බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත්තේ.
එම කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
මෙවැනි කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බවට ඒ අනුව බ්‍රිතාන්‍ය පත් වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පැවසුවේ මොඩර්නා සමාගම මගින් නිපදවා ඇති එය බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතිය දුන් බවය.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ සායනික පර්යේෂණ වල ප්‍රතිඵල මත පදනම්වය.