උණුසුම් පුවත්
Search

පුතුගේ අවුරුද්දේ උපන්දිනය වෙනුවෙන් අංජුලා කළ පිංකම (ඡායාරූප සහිතයි)

18816

අංජුලා රාජපක්ෂ කියන්නේ ලංකාවේ රූපවාහිනිය තුළ කාලයක් නොදකින්න නැති තරම් වූ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත්, ගායනයටත් දක්ෂතා දක්වලා තියෙනවා. හැබැයි රඟපාද්දී නම් ඇයට ලැබෙන්නෙම නපුරිය, දඟකාරිය, සරාගිනිය වගේ චරිත. කාලයකට පසුව දිගු නිහැඬියාවකින් අනතුරුව අංජුලා ආයෙත් දකින්න ලැබෙනවා. ඒ ඇය සිය පුතණුවන්ගේ උපන්දින සැමරුමත් එකක්ක. මේ කතාබහ ඇය සමඟයි.

අංජුලා ඔබට, අවිහිංසකාවිය විදියේ චරිතයක් ලැබිලාම නැද්ද?

”ඇත්තම කියනව නම් එහෙම අවස්ථා ලැබිලා තියෙන්නේ මම කරපු නාට්‍ය වලින් සීයට දෙකක් වගේ, ගොඩක් වෙලාවට මට ලැබෙන්නෙම නපුරු චරිත…. එහෙම නැත්නම් බටහිර පන්නයේ චරිත… ඉතින් අහිංසක පෙම්වතිය වෙන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මම මට චරිත ලැබෙන විදිහට කැමැතියි.”

May be an image of person, child, standing and outdoors
No photo description available.

ඔබ කලින් කලේ යෞවනියගේ චරිත, නමුත් අංජුලා දැන් ඔබට ලැබෙන්නේ මැදිවියේ චරිත.. ඉතින් ඒ ගැන දුක නැද්ද?

”මම ජීවිතේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක්, අපි හැමදාම තරුණ වෙලා ඉන්නේ නෑනේ, හැමදාම කෙල්ලම කියල හිතාගෙන ජීවත් වෙන්න බැහැ… කාලයක් එක්ක අපි අඳින පළඳින විදිය වෙනස් වෙනවා, කතා කරන විදිය වෙනස් වෙනවා, ඉතින් හැමදාම එකම චරිතය කරන්න බෑ නේ… මම ඒ ගැන තේරුම් අරගෙන ඉන්නේ”

May be an image of 1 person, standing, outdoors and tree

අංජුලා කියන්නේ දැන් ආදරණීය අම්මා කෙනෙක්… ඒ වගේම ඇයගේ පුංචි පුතාට දැන් වයස අවුරුද්දක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඇය උතුම් පින්කමක් සිදුකරලා තිබ්බා. ඒ පිලිබඳ ඇය අයගේ මුහුණු පොතේ සටහනකුත් තියලා තිබ්බා.

ඒ තමයි ”2022/05/14 අපේ පුතාගේ පලමු උපන්දිනය හේතුකර ගෙන දුන් කිරි අම්මාවරුන්ගේ දානය. අපේ පුතාට සහ සියලුම දරුවන්ට යහපතක්ම වේවා! පත්තිනි අම්මගේ පිහිට ලැබේවා… මේ යහපත් කටයුත්තට උදව් කල සැමට පත්තිනි මැණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා” කියලයි ඉතින් අපිත් අංජුලාගේ පුංචි පුතාට සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published.