කලක් ලාංකීය කලා ක්ෂේත්රය තුළ රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙස ද ජනප්‍රියත්වයට පත් සුරූපී තරුණියක් තමයි අනර්කලී ආකර්ෂා කියල කියන්නේ. කොහොම නමුත් 1987 ජුලි 12 වන දින උපත ලබන ඇයව අපට ලාංකීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුරූපී චරිතයක් ලෙස අපට හදුන්වන්න පුලුවන්. කෙසේ වෙතත් දඟකාර, හැඩකාර වගේම සුකුමාලකම නිසාම බොහෝ තරුණ හදවත් වල ආදරය දිනාගෙන සිටින අනර්කලී 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වෙනවා.

ශ්‍රී ලංකා රූ රැජින වීමට තරම් වාසනාවන්ත වෙන ඇය ඊට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද කටයුතු කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි මේ සුන්දර චරිතය කලක් දේශපාලනයටත් සම්බන්ධ වෙනවා.
1995 වසරේදි සිය රංගන දිවිය ආරම්භ කරන අනර්කලී, සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මහත්මිය නිර්මාණය කල, ‘ඉටි පහන් ටෙලි’ නාට්‍යයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉන් අනතුරුව වසර හතකට පසුව ඒ කියන්නේ 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. එලෙස පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදුන් ඇයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. ඒ වගේම ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස අපට වන් ෂොට් වන්, හිරි පොද වැස්ස, සොඳුරු වසන්තය, අංජලිකා, සිකුරු හතේ, වැනි චිත්‍රපට හදුන්වන්න පුලුවනි. ඉතින් ඒ ආකාරයට චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇය ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්රය තුල ජනප්‍රියම නිලිය සම්මානය දිනාගත් ලාබාලම නිලිය ලෙසයි සැලකෙන්නේ.

පසුකාලීනව අනර්කලී විවාහ වෙන්නේ සුප්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහගේ පුත් ඩිෂාන් ජයසිංහ සමගිනුයි. එලෙස ඔහුත් සමගින් විවාහ වෙන ඇය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට යනවා. නමුත් ඇය එම විවාහයටත් සමුදෙනවා.


පසුව අමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු වන උවිඳු රොද්‍රිගෝ සමඟ යළිත් විවාහ වනවා. එසේ විවාහ දිවියට ඇතුළත් වන ඇය මේ වන විට සිඟිති දියණියකගේ මවක් ද වනවා.


