උණුසුම් පුවත්
Search
senaka batagoda

ගීත 07ක් ගායනය වළකමින් සේනක බටගොඩට වාරණ නියෝගයක්

147

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 07ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

May be an image of 2 people

”අපි කවුරුද”, ”අපි සැනසිල්ලේ”, ”අළු යට ගිනි”, ”රස්තා”, ”හීන වලට පනක් තිබෙනවා”, ”හොඳම දේ”, ”සැනසෙන්නම් මා” යන ගීත 07 ගායනා කිරීම වළක්වමින් මෙලෙස වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක යන අයට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

No photo description available.