උණුසුම් පුවත්
Search
karapitiya

ඉන්ධන නොමැතිව කරාපිටිය රෝහලේ ගිලන් රථ සේවය නවතියි

73

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.

හදිසි රෝගියකු ගෙන ඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ 15ම මේ වනවිට තෙල් නොමැතිවීම නිසා ගාල් කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අතර ඖෂධ ප්‍රවාහනය කරනු ලබන ලොරි 02ක් ද ඩීසල් නොමැතිව නතර කර දමා ඇති බව වාර්තා වේ.

රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 04ක් සහ පෙට්‍රල් වලින් ධාවනය වන වෑන් රථයක් ද මෙලෙස නතර කර දමා ඇතැයි සඳහන් වේ.

රෝහලේ සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා රථ වලට පමණක් ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඉන්ධන පිරවුම්හල් වෙත ගිය විට එලෙස ඉන්ධන නොලැබෙන බවයි.




Leave a Reply

Your email address will not be published.