උණුසුම් පුවත්
Search
shiroshi

ජෙට්ස්කි පදින්න ගොස් අනතුරට පත් අමල් පෙරේරාගේ බිරිඳ ශිරෝෂි තවමත් දැඩි සත්කාර ඒකකයේ

8632

ප්‍රකට රංගන හා නර්තන ශිල්පිණියක වන ශිරෝෂි රොමේෂිකා පසුගිය දා සිදුවූ අනපේක්ෂිත අනතුරකින් තුවාල ලබා අසාධ්‍ යවී මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

පසුගිය ඉරිදා (09) සවස ඇය පවුලේ අය සමග බෙන්තොට ප්‍රදේශයේ විවේකය ගත කරන්නට ගිය අවස්ථාවක ජෙට්ස්කි (Jetski) ධාවනයේ යෙදී ඇති අතර ඇය පැදවූ බෝට්ටුව එම අවස්ථාවේ ගමන් ගත් තවත් බෝට්ටුවක මුහුණට මුහුණ ගැටීමෙන් ඇය විසිව ගොස් ඇති බවත් අනතුරින් තුවාල ලද ඇය මුදවාගෙන ආසන්නයේ පිහිටි කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වේ.

image 151

ඉරිදා හවස සිට අද වනතුරුත් ඇය එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තා වේ.

රෝහල් ප්‍රකාශකයෙකුගෙන් විමසීමේ දී දැනගන්නට ලැබුනේ අනතුර හේතුවෙන් ඇගේ වකුගඩු වෙත රුධිරය කාන්දු වී ඇති බවයි.

image 150

මේ හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඇයව යථා තත්වයට ගන්නට වෙහෙස ගනිමින් සිටින බව ද දන්වා ඇත.

ඇගේ සැමියා වන ගායක අමල් පෙරේරාට ඇය පරීක්ෂාවට අවසර ඇතත් කිසිවෙකුට ඇයව බලන්නට තවම අවසර ලබා දී නොමැති බව ද සඳහන් වේ.

image 152

ශිරෝෂි රොමේෂිකා කලා ලොවට පිවිසෙන්නේ ”ඩාන්සින් ස්ටාර්” තරගාවලියේ නර්තන තරගකාරියක ලෙසයි.

image 154

එම තරගාවලියේ විනිශ්චය සභිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රකට ගායක අමල් පෙරේරා සමග ඇය පසුව පෙම් සබඳතාවක් අරඹන අතර පසුකාලීනව ඔවුන් යුග දිවියට පිවිසියේය.

ශිරෝෂි සහ අමල් මේ වනවිට සිඟිති දියණියකගේ මව්පියන් ද වන්නේය.

image 153