අමල් පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ ඉන්න අති දක්ෂ ගායන ශිල්පිය කීවොත් මා නිවැරදියි.ඔහුගේ සංගීත ශෛලියට පෙම් බඳින බොහෝ රසික රසිකාවියන් ලංකාව තුළ පමණක් නොව පිට රටවල් තුළද ජීවත්වනවා.එදා මෙන් ම මෙන්ම අදටත් ඔහුගේ කටහඩෙහි මිහිරියාවෙහි අඩුවක් නොමැති නිසාම අදටත් ඔහු සංගීත ක්ෂේත්රයේ විශාල මෙහෙවරක් සිදු කරනු ලබනවා.ඔහුගේ හඬින් ගායනා කළ ගීත අදටත් ප්‍රේක්ෂකයන් උමතුවෙන් මෙන් අසන්නේද ඒ නිසාමයි.ඔහු මේ වන විට ගායකයෙක් පමණක් නොව hiru star රියැලිටි වේදිකාවේ විනිශ්චයකාරවරයෙක් වශයෙන් ද සිය වෘත්තියෙහි නියැලෙනවා.සිය පියා වන මර්වින් පෙරේරාගේ ගීත ආභාෂය එලෙසින්ම අමල්ටත් පිහිටා තිබෙන අතර අමල්ගේ ගීත කෞශල්‍ය හැකියාව ඒ අයුරින්ම ඔහුගේ පුතණුවන් වන නදීමාල් පෙරේරාටද පිහිටා තියෙනවා.ඔහු ද මේ වන විට තරුණ පරපුර ආකර්ෂණය කරගනිමින් ගීත ගායනයට යොමු වී තියෙනවා.ඔහුගේ ගීත ද රසිකයා ඉතාම ආදරයෙන් වැළඳ ගන්නා අතර හොඳ ප්‍රතිචාරත් ඒවාට ලැබෙනවා.පසුගිය දිනකදී අමල් පෙරේරා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව විස්තර පවසා සිටියේ මේ අයුරින්.

අපි හැමෝටම අමාරු කාලයක් .කලාකරුවන් වශයෙන් කලා කටයුතු වැඩිපුර තිබ්බ කාලේ වැඩිපුර මුදලක් ලැබුණා.නමුත් දැන් මේ තත්ත්වයත් එක්ක සංගීත වැඩ කටයුතු පැවැත්වීම ටිකක් අඩාල වෙලා තියනවා.ඒ නිසා දැන් හොයාගන්න මුදල ඒ දවස් වලට වඩා අඩුයි.නමුත් අපි මිනිස්සු විදිහට ඕනෑ ම තත්ත්වයක දී මුහුණ දීමට තරම් ශක්තියක් තියෙන්න ඕනේ.විශේෂයෙන්ම මේ වගේ කාලයකදී මුදල් ඉතිරි කිරීම කියන දේ හරිම වැදගත් වෙනවා.එහෙම නැති වුනොත් එක එක්කෙනාට නෝන්ඩි වෙලා ඉල්ලං කන්න වෙනවා.සල්ලි නැතිව කන්න බොන්න නැතුව අනිත් මිනිස්සු ඉස්සරහා චාටර් වෙන්න වෙනවා.ඒ නිසා අපි අපේ තත්ත්වය බස්ස ගන්න හොඳ නැහැ.ඒ තත්ත්වය ඉදිරියට පවත්වා ගෙන යන්න නම් තමන්ගේ අතේ කීයක් හරි තියෙන්න ඕන.නැත්තං ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

ගොඩක් අය කියන කතාවක් තමයි මගේ සමාජ ජාලා තුළ රීච් ප්‍රමාණය වැඩියි කියන එක.නමුත් මෙහෙම දෙයක් තියෙනවා.මට එක්තරා කාලයකදී නරක සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.අන්න ඒ කාලේ මගේ එකවුන්ට් එකට ඇවිත් ගොසිප් බලපු බැනල කමෙන්ට් දාපු ගොඩක් අය හිටියා.හැබැයි ටික කාලයක් යද්දි එයාලා මගේ ෆෑන්ස්ල වුනා.මම හිතන විදිහට අපේ පේජ් වෙලා ඉන්න හැමෝම අපට කැමැති නොවෙන්න පුළුවන්.අපි වටා ගෙතෙන ගොසිප් බලන්න එකතු වෙන කට්ටිය වැඩි.ඒ නිසා මම හිතන විදියට ෆේස්බුක් reach කියන දේ ඇතුලේ ලොකු බලාපොරොත්තු තියාගෙන තමන් පොර කියලා හිතාගෙන ඉන්න වුවමනාවක් නැහැ.තමන්ගේ තැන තියාගෙන හැදෙන එක තමයි අත්‍යවශ්‍ය වන්නේ.

ජීවිතය කියන දේ තියෙන්නෙ විඳින්න.මට අනිත් අය වගේ සිල් අරගෙන ඉන්න බැහැ.මම ජීවත්වන එක්තරා රටාවක් තියෙනවා.මට තෘප්තිමත්ව මගේ ජීවිතේ විඳින්න ඕනි.ඒ විඳින එක නැවැත්තුවොත් මගේ ප්රතිරූපයත් නැතිවෙලා යනවා.මගේ දරුවන්ට බිරියට සහෝදරයන්ට මවුපියන්ට මගේ විදිහ හොඳයි නම් අනිත් අය මං ගැන මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නෙවෙයි.අනිත් කලාකාරයො ප්‍රතිරූපය කියන දේ ගැන අර්ථ දක්වන විදිහ ගැන මම දන්නේ නෑ.මේ මගේ විදිය.” කියලා තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම නිර්මාණ කටයුතු සහ බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියල හදවතින්ම සුබ පතනවා.
