සිරස ඩාන්සින් ස්ටාර් තරගය හරහා බොහෝ දෙනෙක් හදුනා ගත්ත දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි චාපා ජයමහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා අපේ රටේ කවුරුත් දන්නා ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන ග්‍රේෂන් ජයමහ. කොහොම නමුත් පියාගේ අඩි පාරේ නොයා ඇය පුංචි කාලේ ඉඳන්ම තෝරා ගන්නේ නර්තනය වීම විශේෂයි. ඉතින් දැන් ඇය ජනප්‍රිය බටහිර ආරේ ගීත වලට නර්තනය ලබාදෙන නර්ථන ගුරුවරියක් ලෙසින්ද කටයුතු කරනවා.

මොකද ඇයත් ටීවී එකේ මොකක් හරි ඇහුණොත් මම නටන්න පටන් ගන්නවලු. ඉතින් ඒ වගේම 2015 දී තමයි සිරස ඩාන්සින් ස්ටාර් තරගයෙන් පස්සේ තමයි ඇය ඩාන්සින් පැත්තෙන් පන්ති පටන් අරගෙන ඉස්සරහටම ඇවිත් තියෙන්නේ. ඒ වගේම ඇය රංගනයට හරිම ලැජ්ජාශීලි කෙනෙක් කියලත් චාපා කියනවා. මොකද පොඩි කාලේ ඉදන් ඇයගේ අම්මා කියනවා වගේ ඇයට තිබ්බේ නටන පිස්සුවක් විතරයිලු.

ඉතින් කොහේ හරි ගිහින් ඉන්නකොට සින්දුවක් කියන්න කිව්වත් ඇයට හරි ලැජ්ජයිලු. නමුත් ඇය දන්නවාලු ඇයට සාමන්‍යය විදියට සින්දුවක් කියාගන්නත් පුළුවන් කියලා. හැබැයි ඇය හරිම බය නිසා ඇයට ලැජ්ජයි වගේම දාඩියත් දානවාලු ඒ වෙලාවට. ඉතින් ඒ වගේම අපේ රටේ නමගිය ජනප්‍රිය ගායකයෙක්ගේ දුවෙක් වීම ඇත්තටම වාසනාවක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දකින්නේ ඒක ඇයට ලැබුණු ආශිර්වාදයක් විදිහටලු. ඉතින් හැමෝගෙම ආදරේ ගෞරවය ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කියලත් ඇය කියනවා. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට නරක දෙයක් කරලා හරි නමුත් ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් තැනකට ගියාම ඔයාගේ තාත්තා නේද ග්‍රේෂන් ජයමහ කියන්නේ, තාත්තාගේ සින්දු වලට අපි තවම ආදරෙයි කියලා කියන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබද්දී හිතට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක් කියලයි ඇය පවසන්නේ.
