උණුසුම් පුවත්
Search
stefani

”සිංහල කතා කරන්න අමාරු වුණාට මම හරි වාසනාවන්ත බිරිඳක්” – ස්ටෙෆනි සිරිවර්ධන

447

ස්ටෙෆනි සිරිවර්ධන කියූ සැණින් අපිට මුලින්ම මතක් වෙන්නේ සිරස නාලිකාවේ විකාශය වු The voice teen රියැලිටි වැඩසටහනයි. නිවේදිකාවක් ලෙස ඉතා චතුරව මෙම වැඩසටහන මෙහෙය වූ අතර මෙරට ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන්ගේ විවාහ බිරිඳ මේ සුන්දර කාන්තාවයි. නිවේදිකාවක් පමණක්ම නොව ඇය ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්.

image 157

”2011 වර්ෂයේ විශ්ව රූ රැජිණ” කිරුළ දිනාගත් ඇය 2013 වර්ෂය වන විට ”ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ” ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම තමයි වර්තමාන ”ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ” හිමිකාරිය වන්නේ ද ඇයයි. උපාධිධාරිනියක වන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් අපට දකින්නට ලැබෙන්නේ ඇය ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි. නමුත් නිරූපණ ක්ෂේත්‍රයත් සමග ඇය කිසිදු සබදකමක් නොමැති බව තමයි ඇය කියා සිටින්නේ.

image 160

ඇය පවසන අයුරින් ඇය පාසල් 13ක ඉගෙන ගෙන ඇති අතර විවිධ රැකියාවල් ගණනාවක් කර ඇති බවත් ඇය පවසනවා. ඇය ඇයගේ සාර්ථකත්වය පිළිබඳව කියා සිටින්නේ මෙවැන්නක්……

image 161

“ඇත්තටම මම ලැබෙන අභියෝග සහ අවස්ථාවන් විශ්වාස කරන කෙනෙක්…. දවසක් මගේ බඩේ යම් ගැටලුවක් නිසා පොඩි ඔපරේෂන් එකක් කරනවා. එතනදී හැමෝවම මට පෙනුනේ බොඳ වෙලා…. මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා. මට එවෙලෙ මගේ තාත්තාව දකින්න ඕන වුණා. ඒ වගේම තමයි එවෙලෙ මට මතක් උනා මම ජීවිතයේ විඳපු නැති ගොඩක් දේවල් තව තියෙනවා නේද කියලා…. ඒ නිසා මම දෙවියන්ගෙන් මගේ ජීවිතය බේරලා දෙන්න කියලා ආයාචනා කළා….”

image 162

“ඒ වගේම තමයි මට දෙයක් කරන්න කොච්චර අමාරු උනත් මං ඒක කොහොම හරි ට්‍රයි කරල ඉගෙන ගන්නවා .මට සිංහල කතා කරන්න හරි අමාරුයි….. ඒ වගේම තමයි සින්දු කියන්නත් අමාරුයි. නමුත් මගේ ආදරණීය සැමියා මගේ තියෙන දක්ෂතා හඳුනගෙන මට උපරිම ශක්තියක් ලබාදෙනවා ඒ දක්ෂතා එළිදක්වන්න…. ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්ත බිරිඳක්. ” කියලා තමයි ඇය පවසන්නේ.

image 159

ඉතින් මේ වගේ බොහොම දක්ෂතා තියෙන ස්ටෙෆනි සිරිවර්ධන කියලා කියන්නේ ලංකාවේ ඉන්න හරිම නිහතමානි ආදරණීය චරිතයක් කිව්වට වැරදි නෑ.

image 163

ඒ නිසාමයි මෙරට බොහෝ දෙනාගේ ආදරයට ලක්වෙන චරිතයක් ලෙස ඇය හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ.

කොහොම නමුත් ඇය ඉතාලි සම්භවයක් සහිත ශ්‍රී ලාංකික කාන්තාවක් නිසාත් ඇගේ ඥාති පරපුර විදෙස්ගතව සිටින නිසාත් බොහෝ විට ඇය විදෙස්ගතව සිටිනවා අපිට දැකගන්නට ලැබෙනවා.

image 158