අපේ රටේ නිරූපණ ක්ෂේත්රය තුල බොහෝමයක් අන්තර්ජාතික වශයෙන් තරගාවලි ජයග්‍රහණ ලබා තියෙනවා. ලෝක විවාහක රූ රැජිණියන් අපේ රටට්න් බිහි වෙලා තියෙනවා. අද කතා කරන්න යන්නේ 2004 වර්ශයෙ.. විවාහක රූ රැජින කිරුළ දිනා පසු ලෝක විවාහක රූ රැජින තරගයට ඇමරිකාවට ගොස් තරග කර.. දෙවෙනි ස්ථානය සහ තවත් තරග අංශ වලින් උප ජයග්‍රහණයක් දෙකක් අපේ රටට ලබාදීමට සමත් වූ සුරූපී සුන්දර කාන්තාවක් තමයි නටාශා කියන්නෙ. කාලයක් නිවේදන නිරූපිකා තරග රූ රැජින තරග වල විනිශ්චය කටයුතු ආදි විවිධ කලා කටයුතු වලට ඇය සහභාගි වුණා.

කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙලා ඉඳපු ඇය. ආයෙත් කලා කටයුතු වලට අවතීර්ණ වෙලා තියනවා. පසුගිය සතියේ විකාශය ආරම්භ කල “හීනයකි මේ ආදරේ ” ටෙලි නාට්‍යය හරහා නැවතත් ඇයව ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා.

ඇය කලා කටයුතුවලින් ඈත් වීමට හේතුව ලෙස ඇය ප්‍රකාශ සිටියේ.. තමන්ගෙ පුද්ගලික ජීවිතයෙ ආපු යම් යම් නීති රීති ප්‍රශ්නත් එක්ක සම්පූර්ණම කලා කටයුතුවලින් ඈත්වෙලා හිටිය කියලා.රංගන ක්ෂේත්රයට ලොකු ආසාවක් තිබුණත් ගොඩක් රංගන ආරාධනා ලැබුණත්. එම අවස්ථාව ගන්න වටපිටාවක් ඇයට තිබුණේ නැහැ කියලා තමයි ඇය කියලා තියෙන්නේ. දැන් ඒ මඟ හැරි අවස්ථාව ලැබිලා තියෙනවා. හීනයකි මට ආදරේ කියන්නෙ පළවෙනි ටෙලි නාට්‍යය ඒ වගේම රඟපාපු පළවෙනි music video එක විකාශනය උනෙත් මෙ අවුරුද්දෙ.

එත් එක්කම ඇය නිවේදිකාවක් ලෙස යළිත් ස්වාධීන රූපවාහිනී සූර්ය මංගල්‍ය නිවේදනයෙන් නිවේදන ක්ෂේත්රයට අවතීර්ණ වුණා. පළවෙනි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීම ගැන ඇය බොහොම සතුටින් ඉන්නවා කියලා තමයි ඇයගේ කිවුවෙ.ඇය නිවේදිකාවක් විදිහට සිය රැකියාව පටන්ගෙන තියෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන් ම තමයි. පසුකාලීනව ජාතික රූපවාහිනියේ වැඩසටහන් වලටද දායක වීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඇගේ පුද්ගලික ජීවිතය ගැන කරුණු විමසීමෙදි ආදරය ගැන කතා කරන්න ඇය වැඩිය කැමැති වෙලා නැහැ. ගතකරපු ජීවිතය ගැන මඟ හැරිච්ච කාලය ගෙන ඇයට යම් දුකක් කලකිරීමක් නැතිවාම නොවේ කියලා තමයි ඇය කියලා තියෙන්නේ. වෙච්ච හැලහැප්පීම් එක්ක ඉස්සරහට සාර්ථක ජීවිතය ගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියලා තියෙන්නෙ.
