අනිද්දා (20) වැනිදා පැවැත්වෙන ඡන්දයේදී ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහ මීලඟ ජනාධිපතිවරයා වීම පිළිබඳ කිසිඳු අවිශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.
ඒ, පිළිබඳව තමාට සියයට දාහකට වඩා විශ්වාස බවයි ඔහු සඳහන් කරන්නේ.
තමන් මීට පෙර දේශපාලනය සම්බන්ධයෙන් පළ කළ අනාවැකි සියල්ල නිවැරදි වූ බවත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් 140කට වැඩි ප්රමාණයකගේ කැමැත්තෙන් ජනාධිපති තනතුරට පත්වන බවත් ඔහු පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදීව ආරම්භ කළ අරගලය අවසානයේදී රටම ගිනි තබන තත්වයට පත් වූ බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා පවසන්නේ රට අරාජිකත්වයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ හට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.
රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක එම අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද එජාප සභාපතිවරයා සඳහන් කරනවා.