රුපියල් 26 ලක්ෂයක හිග විදුලි බිල්පතක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් තමන්ට හෝ තම පියාට දන්වා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.
අදාළ විවාහ මංගල උත්සවය සඳහා ගෙවිය යුතුව ඇති සියලුම බිල්පත් ගෙවා ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විමසන බව ද මන්ත්‍රීවරයා කියා සිටිනවා.