උණුසුම් පුවත්
Search
pooja 1 1

සියල්ල අතහැර ගියාද ? – පූජා උමාශංකර් රංගනට ඇත්තම කියයි

4683

මෙරට සිනමා කර්මාන්තය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි පූජා උමාශංකර් කියන්නේ. ඇය දකුණු ඉන්දියානු රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයත් එක්ක සම්බන්ධ වුණා.

No photo description available.

එනිසාම ලංකාවේ බොහෝ පිරිසක් ඇයට ආදරය කළා. හැබැයි පසුගිය දවස් කිහිපය පුරාවටම අපිට ඇය ගැන අහන්නවත්, දකින්නවත් ලැබුණේ නැහැ. කොටින්ම ඇය ලංකාවේ ඉන්නවා කියලා ආරංචියක්වත් ලැබුණේ නැහැ. ඒ ගැන විමසා බලද්දී ලංකාදීප පුවත්පතේ ඇය පිළිබඳව ලිපියක් පළ වුණා.

ඒ ලිපියේ සඳහන් වෙලා තිබ්බේ පූජා ජීවිතය ගැන කල කිරිලා අධ්‍යාත්මික ජීවිතයකට සම්බන්ධව ජීවත් වෙනවා කියන කතාවයි. ඒ වගේම අය නැවතත් ඇය කවදාවත් ලංකාවට එන්නෙ නෑ කියලත් එහි සඳහන් වෙනවා…. කොහොම නමුත් ඇයට ආදරේ කරපු බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් මේ කතාව නිසා කනස්සල්ලට පත්වුණා.

No photo description available.

පත්තරේ විස්තරය රැගෙන එන රංගන ද සිල්වා සජීවීව ඇයව දුරකථන මාර්ගය හරහා සම්බන්ධ කරමින් මේ කතාව පිළිබඳව ලෝකෙටම ඇහෙන්න ඇයගෙන්ම අහල අහල දැනගත්තා…..

එහිදී ඇය සඳහන් කළේ ඇය කල් තියාම මේ දේ ගැන හිතාගෙන හිටියා කියලයි. මේ වන විට ඉන්දියාවේ බැංගලෝර් හි දිවිගෙවන ඇය ජීවිතයේ ඇයට නොලැබුණු දේවල් ගැන හිතලා කනස්සල්ලෙන් මේ තීරණය අරගෙන නැහැ….. කල් තියාම ගත්තු තීරණයක් විදිහට තමයි ඇය මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ වගේම ඇය ආධ්‍යාත්මක ජීවිතයක් වෙනම ස්ථානයක නම් ගත කරන්නේ නැහැ කියලත් කියනවා. ගෙදර ඉඳන්ම පොතපත බලමින් නිදහසේ කාලය ගත කරන බවත් ඇය එහිදී පවසනවා.

No photo description available.

ඒ විතරක් නෙමේ පූජා සඳහන් කරපු ආකාරයට මේ මස මැද භාගයේදී නැවතත් ඇය ලංකාවට එන්න සූදානම් බවත් පවසනවා. මේ දිනවල ඇයගේ නිවසේ නඩත්තු කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් එම නිසා තරමක කාර්යබහුල බවකින් සිටින බවත්, කෑම පිසීම, ගෙවතු වගා කටයුතු ආදියට කාලය බොහෝ සෙයින් වෙන්කර ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

ඉතින් ඇය කවදාවත් ලංකාවට එන්නේ නෑ කියපු කතාව බොරුවක් බවත් තහවුරු කර සිටියා…. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් ගියපු මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව ඇයම සත්‍ය හෙළි කරලා තිබුණේ.

No photo description available.

No photo description available.