මත්පැන් සහ දුම්වැටි මිල සැලකිය යුතු මිලකින් යළි ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.
එතනෝල් ඇතුළු මත්පැන් නිශ්පාදන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනිමේ අපහසුතාව හා හිඟය මත දේශීය මත්පැන් මිල ද විශාල මුදලකින් ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
බොහෝ දුරට බහුලව භාවිත කරන අති විශේෂ බෝතලයක මිල රු. 1,000කට ආසන්න මිලකින් ඉහළ යාමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර සිගරට් මිලද රු.20කට ආසන්න මිලකින් ඉහළ යාමට නියමිත බවටත් මාධ්‍ය වාර්තා පළවී තිබේ.