උණුසුම් පුවත්
Search
aishwarya

කැරට් 24 රත්‍රන් ගවුමකින් හැඩ වුණ අයිශ්වර්යා රායි (ඡායාරූප සහිතයි)

1485

බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් ඔක්තෝබර් 01 වන දින පැරිස් විලාසිතා සතියේදී L’Oreal සඳහා දිලිසෙන රන් ගවුමකින් සැරසී සිටීම ලොව පුරා බොහෝ අවදානයට ලක්වූ පුවතක් වනවා.

L’Oreal නමැති මෙම ප්‍රකට රූපලාවණ්‍ය සන්නාමයේ විලාසිතා ප්‍රදර්ශනයට ඓශ්වර්යා, Kendall Jenner, Dame Helen Mirren, Elle Fanning සහ Eva Longoria වැනි ජාත්‍යන්තර තරු කිහිපයක් එක්ව සිටියා.

aishwarya1696397114 0

L’Oreal’s Walk Your Worth ප්‍රසංගය සඳහා බර කැරට් 24ක රන් ගවුමකින් සැරසී සිටි ඓශ්වර්යා, සියල්ලන්ම මවිතයට පත්කළා කිව්වොත් හරි.

ෆල්ගුනි සහ ෂේන් පීකොක් විසින් සරසන ලද මෙම අපූරු ගවුම, දිලිසෙන සැරසිලි වලින් පුරවා ඇති අතර අලංකාර ලෙස බිම ස්පර්ශ කරන කේප් අත් වලින් සමන්විතව සකසා තිබුණි.

Aishwarya Rai Bachchan exudes 24-karat gold charm in heavy gown at Paris Fashion Week - India Today

ඇගේ කොණ්ඩය ලිහා තිබූ අතර ඇස් පියාපත් සහිත අයි ලයිනර්, දිලිසෙන තොල් සහ රෝස පැහැති මුහුණු තවරනයන්ගෙන් ඇගේ සුන්දරත්වය උද්දීපනය කර තිබේ.

එදින අයිශ්වර්යා රායි බච්චන් ද කෙන්ඩල් ජෙනර් සමඟ සිටිනා වීඩියෝවක් සමාජ මාධ්‍යවල සීඝ්‍රයෙන් පැතිර තිබේ.

For L'Oreal Show Which Was Also Navya Nanda's Modelling Debut, Aishwarya Rai's Radiant Glam Makeup And New Caramel Blonde Highlights Shone On The Paris Fashion Week 2023 Runway