හර්ෂණ බෙත්මගේ කියන්නෙ ලංකාවෙ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. තරුණියන්ගේ ආකර්ෂණය නිබඳවම හිමි කර ගත් ඔහු නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. විවිධ ටෙලි නාට්‍ය ඔස්සේ මෙන්ම සිනමා නිර්මාණ ඔස්සේ ද ඔහු පෑ දස්කම් නිසාම රංගන ක්ෂේත්රය තුළ ඔහුට ඇත්තේ විශාල පිළිගැනීමක්. ඒ වගේම ඔහු රංගනයට පමණක් නොව නිවේදනයට ද නර්තනයට ද ගීත ගායනයට ද එක සේ දස්කම් දක්වනවා.

තරුණියන්ගේ නෙත් සිත් ඇද බැඳ තබාගැනීමට සමත්වූ මෙම කඩවසම් තරුණයා පළමු වරට විවාහ වූයේ රංගන ක්ෂේත්රයේම සිටින එක්තරා රංගන ශිල්පිනියක් සමඟයි. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔහුගේ පළමු විවාහය දෙදරා ගියා. ඒත් සමගම සිය කලා ක්ෂේත්රයෙන් තාවකාලිකව සමුගන්නටත් ඔහු කටයුතු කළා. එසේ සිටි ඔහු නැවතත් රංගන දිවියට පිවිසෙන්නේ ඔහුගේ දෙවන විවාහයත් සමගයි. පසුගිය දිනක දි ඔවුන්ගේ විවාහ සංවත්සරය ද සමරා තිබුනා.

ඉතින් ඔහු ඇගේ බිරිඳ පිළිබඳව ඉතා ආදරණීය විදියට කිව්වේ මේ වගේ දෙයක්…
“ඇයගේ නම අරුණි. ඇත්තටම ඇයව හම්බුනේ මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී. ඇයත් ව්‍යාපාරික කාන්තාවක්. අපි විවාහ වුණේ හරිම චාම් විදියට .එයාව මට හම්බුණේ මම මානසික සහ ආර්ථිකව වැටිලා නැත්තටම නැති වෙලා හිටපු මොහොතක….

ඒ වෙලාවේ මට මගේ කියලා හිටියේ දෙමව්පියෝ සහ සහෝදරයෝ විතරයි. තනි මතයට වැඩ කරලා සියල්ල නැති කරගෙන ආපහු මට දෙමව්පියෝ ළඟට යන්න වුනේ හිස් අතින්….

අරුණි කියන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. එයාට මං ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මටත් එහෙමයි. මං හිතන්නේ ඇයව ලැබීම නිසා මගේ ජීවිතයට අලුත් වටිනාකමක් එකතු වුනා කියලා. මගේ නිර්මාණ කටයුතු වලට ඇය ලොකු සහයෝගයක් දක්වනවා…. ඉතින් මං හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වීමට ලැබීම ගැන.

ඇත්තටම පළමු විවාහය ගැන කථා කරන්න මං අකමැතියි. අපි නීතියෙන් වෙන් වුනේ අපි අතර තිබුන යම් යම් නොගැළපීම් නිසා. නොගැලපීම් ගලපගෙන ජීවත් වනවාට වඩා, ගැලපෙන අදහස් තියෙන කෙනෙක් එක්ක ජීවත්වන එක වඩාත් පහසුයි…” කියලා තමයි හර්ෂණ කියලා තියෙන්නේ.
