2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්විණි.තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන Angel Di Maria හා Lionel Messi ගෝල දෙක වාර්තා කර තිබුණි. 23 හා 36 මිනිත්තු වලදී ගෝල වාර්තා විය.

දෙවන අර්ධය අවසානයේ වෙනසක් කිරීමට ප්‍රංශය සමත්වූ අතර ඒ අනුව kyline mappe 80 හා 81 මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කර සම මට්ටමට ගෙන ආවේය. මේ නිසා මිනිත්තු 90 අවසානයේ දෙපිලම සමවීම නිසා අතිරේක කාලයක් ලබාදුණි. අතිරේක කාලය අවසානයේ ගෝල 3-3ක් ලෙසද සම වූ අතර දඩුවම් පහර මගින් තරගයේ තීරණය වෙනස්වනවිට ආජන්ටිනාව ගෝල 4-2ක් ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කළේය.තරගය ගෝල -3-3ක් ලෙස සම වනවිට ආජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී ගෝල 2ක් සහ ප්‍රංශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක එම්බාපේ ගෝල 3ක් වාර්තා කර තිබිණි. දඩුවම් පහර මගින් ලෝක කුසලාන ජයක් තීරණය වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මෙයට පෙර 2006 වසරේ දී සහ 1994 දී මෙවැනිම අවස්ථාවක් වාර්තා විය.

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේ දී වාර්තා කළේය. දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කිරීමට මෙසී සමත් විය. එයින් පසු 36 වැනි විනාඩියේ දී ඩි මාරියා තවත් ගෝලයක් රැස් කරමින් 2-0 ක් ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් විය.
දෙවැනි අර්ධයේ දී ප්‍රංශය වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීරණ වුවද ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැක ගත හැකි විය. එහෙත් ප්‍රංශය 80 වැනි විනාඩියේ දී එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත් අතර 81 වැනි විනාඩියේ දී එම්බාපේ විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය සම කරන්නට සමත් විය.

අතිරේක කාලයේ දී තරගයේ 109 වැනි මිනිත්තුවේ දී ලියොනල් මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර එය ආර්ජන්ටිනා ජයග්‍රහණය තහවුරු කරන ගෝලය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළද කිලියන් එම්බාපේ අතිරේක කාලය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වැනි විනාඩියේ දී තවත් දඬුවම් පහරක් සර්ථක කරගෙන තරගය පැනල්ටි පහරවලින් තීරණය ලබා ගන්නා එකක් බවට පත් කළේය.

තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා – එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ හොඳම ගෝල් රකින්නා – එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි – කිලියන් එම්බාපේ ( ප්‍රංශය)
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය) – ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)
