උණුසුම් පුවත්
Search
dimanka

”අවුරුදු 18න් පස්සේ මම නාවුක හමුදාවට බැඳුණා” – දිමංක වෙල්ලාල

610

දිමංක වෙල්ලාලගේ කියන නම ලංකාවේ නොදන්නා කෙනෙක් නැහැ. ඔහු ගායනා කල ”නිදුකින් ඉනු මැන” ගීතය කාලයක් ලංකාවේ තරුණ තරුණියන් අතරේ ජනප්‍රියම ගීතයක් බවට පත්වෙලයි තිබුනේ. හැබැයි මේ දක්වා ඔහු පැමිණි ගමන ගැන දන්නා අයට වඩා නොදන්නා අය ඉන්නවා. බොහෝ දුෂ්කරතා මැදින් පැමිණි ගමන ගැන ඔහු නැවත සිහිපත් කලේ මෙහෙමයි….

”ජිවිතේ සාමාන්‍ය විදියට ගෙවීගෙන යනවා, මේ සිස්ටම් එකත් එක්ක ඉන්න එක නම් ආමාරුයි… දැන්නම් මිනිස්සු අන්ත අසරණ තත්වයට ඇවිත් ඉන්නේ, කොහොම හරි අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන්නම් කලින් තිබ්බ තරම් සංගීත ප්‍රසංග නැහැ, ආරාධනා ලැබෙන ඒවාට සහභාගී වෙනවා. මම සරලව සාමාන්‍ය විදියට ජිවත් වෙන්න කැමති කෙනෙක්, ඕනවට වඩා දේවල් ගැන හිතන්නේ නැහැ. මට දැනෙන විදියට අවේනික වෙච්ච විදියට ජිවත් වෙන්න කැමතියි….”

9 2

තවත් කෙනෙක්ට උදව් කරන්න වගේම මම දන්න දෙයක් අනිත් අයට කියලා දෙනවා. මගේ පලවෙනි රැකියාව මේක නෙවෙයි, අවුරුදු 18ක් වෙද්දීම මම නාවික හමුදාවට බැඳුනා…. එතකොට 2008 අවුරුද්දේ…. විසිර යාමේ උත්සවයේදී 169 වෙනි බඳවා ගැනීම් කණ්ඩායමේ විශිෂ්ටතම ආදුනික නැවියා වුනේ මම. අවුරුදු හතරක් විතර නාවික හමුදාවේ සේවය කළා, පාසින් අවුට් එකෙන් පස්සේ ඉස්සෙල්ලම ඩියුටි දැම්මේ මුල්ලිකුලම් වලට…..

5 1

විල්පත්තු කලේ මැද එලි පෙහෙළි කරගෙන තමයි ඉන්නේ සිද්ද වුනේ. හමුදාවෙන් අල්ල ගත්ත ප්‍රදේශ බලාගන්න අපිට දුන්නා. සත්තු සර්පයෝ පුදුම විදියට ඉන්නවා, රෑට නිදගනිද්දී නයි පොළොංගු ළඟටම ඇවිත් ඉන්නවා…. දවසක් නිදාගෙන ඉද්දි ඇහැරිලා ටෝච් එක අල්ලලා බලද්දී මගේ යාලුවා ගාවම මහා නයෙක් ඉන්නවා. ටග්ගලා යාලුවට ඇහැරවලා නැගිටෙව්වා, දැක්කේ නැත්නම් සමහර විට අපේ දෙන්නම ඉවරයි….

7 1

ඔන්න ඔය විදියට තමයි ඒකාලේ ගෙවුනේ, අවුරුදු හතරක් විතර සේවය කරලා මම ඉවත් වුනා. දැන් මට අවුරුදු තුනක දුවෙකුත් ඉන්නවා, තනිකඩ කාලේ වගේ නෙවෙයි විවාහයකින් පස්සේ දරුවොත් එක්ක වගකීම් ගොඩක් එක්ක ජිවත් වෙන්නේ.

1 2
3 1

මේ වෙලාවේ කරන්න තියන ඉල්ලීම තමයි යමක් කමක් තියන අය පුලුවන් විදියට නැති බැරි මිනිස්සුන්ට උදව් කරමු. ඒකට ප්‍රොජෙක්ට් එකක් අපි සංවිධානය කරලා තියනවා….”

6 2



Leave a Reply

Your email address will not be published. Required fields are marked *