උණුසුම් පුවත්
Search
gold

මාස 08කට පසු මෙරට රන් මිල පහළට

92

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් දක්වා ද, අඩු වී තිබෙනවා.

මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ, හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

රට තුළ රත්තරන් වලට ඇති ඉල්ලුම අඩු වීම මෙම මිල පහළ යෑමට හේතු වී ඇති බවත් රට පුරා ස්වර්ණාභරණ වෙළෙඳසැල් බොහෝමයක් වසා දැමීමේ ප්‍රවණතාවක් ද ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රන් පාරිභෝගික ජනතාව නම් දැඩි උනන්දුවෙන් පසුවනවා.