උණුසුම් පුවත්
Search

”අවම බලය භාවිතයට” පොලිසියට උපදෙසක්

52

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සහ විරෝධතා අතරතුර නොසන්සුන්කාරී ලෙස නැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් දී තිබෙනවා.

පිරවුම්හල් ආශ්‍රිතව ඇති වන එවැනි කලහකාරී සිදුවීම් හමුවේ ප්‍රදේශයේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීම සහ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි, අමාත්‍යාංශය සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබේ.

පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නොසන්සුන්කාරී සිදුවීම් පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් සාමකාමී විරෝධතා වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නැයි මෙම සාකච්ඡාවේදි දැඩිව අවධාරණය කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.




Leave a Reply

Your email address will not be published.