උණුසුම් පුවත්
Search
adani

”අදානි” ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේදෙවැනි තැනට

147

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 155.7 ක් බව සඳහන්.

ඒ අනුව තුන්වැනි ස්ථානයට පත්වූ ජෙෆ් බෙසොස්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 151.9 ක් බවයි සඳහන් වන්නේ.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මාස්ක් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273.5ක් බවත් සඳහන්.