උණුසුම් පුවත්
Search
adani

අදානි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක කොටස් මිලට ගනියි

61

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් ආදානී විසින් NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිල දී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් පවසා ඇත්තේ එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමූහ ව්‍යාපාරය සදහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවයි.

එම කොටස් වලට අමතරව ඉදිරියේ දී තවත් සියයට 26ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමූහ ව්‍යාපාරය මාධ්‍ය වෙත පවසා තිබේ.




Leave a Reply

Your email address will not be published.