”අධිරජ ධර්මාශෝක” ටෙලිනාට්‍යයේ රජ කුමරිය අහංකාරා ලෙස රංගන දායකත්වය සැපයූ තුනීශා ශර්මා ඊයේ දින සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයේ වාසායි හි කතා මාලාවක රූගත කිරීම් අතරතුර දීයි තුනීෂා ෂර්මා මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ.

සියදිවි නසා ගැනීමට අනුබල දුන් බවට ඇගේ සහකාර නළු සීෂාන් මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ටුනීෂි ෂර්මා රූගත කිරිම් ස්ථානයේ වොෂ් රූම් එකට ගොස් බොහෝ වේලාවකින් පැමිණ නැති අතර රෑගත කිරිම් කණ්ඩායම පසුව වොෂ්රුම් එකේ දොර කඩා බලන විට ඇය ඇතුළේ එල්ලී සිටිනු දක්නට ලැබ තිබේ.
ඉන් අනතුරුව ඇයව රෝහලකට ගෙන ගොස් අති අතර එහිදී ඇය මිය ගිය ගොස් තිබේ.

මිය යන විට ඇය 20 හැවිරිදි නව යෞවනියකි.
