උණුසුම් පුවත්
Search
srinath maddumage

රංගන ශිල්පි ශ්‍රීනාත්ගේ මෙල්බර්න් නිවස දැවී යයි (ඡායාරූප සහිතයි)

11795

කලක් මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස ප්‍රකටව සිටි ශ්‍රීනාත් මද්දුමගේ මයා පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී එපින් හී පිහිටි නිවස ඊයේ (31) ඇවිලී විනාශ වී තිබෙනවා.

මෙම අනතුර සිදුවන විට ශ්‍රීනාත් මද්දුමගේ මහතාත් බිරිදත් රැකියාවට ගොස් සිට ඇති බවත් දියණි පංතියකට ගොස් සිට ඇති බවත් එරටින් ලැබෙන තොරතුරු සඳහන් කර සිටිනවා.

image

මේ දින වල එරටට පවතින පවතින්නේ දැඩි ශීත දේශගුණයකි.

එබැවින් නිවස උණුසුම් කිරීමට අවශ්‍ය උණුසුම් යන්ත්‍රය නිරත ක්‍රියාත්මකව පවතින බවත් එය පු පුරා යාමෙන් මෙම ගි න්න හටගෙන ඇති බවත් විශ්වාස කරයි.

image 2

කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්ය.

කලක් ඔහු මෙරට දී බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්ප්යෙකු වන අතර පසුකාලීනව විදෙස්ගතව සිටිනවා.

ඔහුට සහ බිරිඳට එක දියණියක් ද වනවා.

image 1