උණුසුම් පුවත්
Search
sanaya perera aressted

රංගන ශිල්පී කවිංගගේ හිටපු බිරිය සනායා කටුනායක දී අත්අඩංගුවට

1194

ප්‍රකට රංගන ශිල්පියෙකු හා නිවේදකයකු වන කවිංග පෙරේරා විවාහව සිටි වෛද්‍ය සනායා පෙරේරා මහත්මිය පසුගිය 05 වනදා උදෑසන ගුවන් යානයකින් දිවයිනට පැමිණීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත භාරදීමෙන් පසු ඇප මත නිදහස ලබා ඇත.

වාර්තා වන ආකාරයට ඩුබායිහි රැකියාව කරමින් සිටි ඇය ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇයට එරෙහිව නඩුවක් පවතින බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයක් ඇති බවත් ඇය විදෙස්ගතව සිට එද්දී හසුවන්නේ මේ සංසිද්ධිය නිසා බවත් සඳහන්.

Geen fotobeskrywing beskikbaar nie.

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන සනායා, ඩුබායිහි රූපලාවණ්‍ය සම්බන්ධ (Cosmetic) වෛද්‍ය සේවාවන්හි රැකියාවේ නිරතවන්නියක වන අතර චීනයේ ටියැන්ජින් විශ්වවිදයාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත. ඇය ලංකාවේ දී කේඩීයූ රෝහලට අනුයුක්තව පුහුණුව ද ලබා ඇති අතර කවිංග සමග 2018 දී විවාහ වූයේ යෝජනාවකින් පසු ඇරඹි වසර 02ක පමණ පෙම් සබඳතාවයකිනි.

ඔවුන් එතැන් සිට 2024 මැයි දක්වා කාලයේ වසර 06ක් පමණ විවාහව සිටි නමුත් ඇගෙන් වෙන්වූ බව කවිංග පසුගිය ජූලි මස මාධ්‍ය වෙත පැමිණ පවසා සිටියේය. ඔහු කියා තිබුනේ දෙන්නා අතින්ම වැරදි සිදු වූ බවයි.

No photo description available.

වාර්තා වන අන්දමට ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇය ද නොදන්නා නඩුවක වරෙන්තුවක් පිටය. සනයාට අයත් ඉඩමක් මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කර අත්තිකාරම් ලෙස ලක්ෂ 10ක් ලබාදී ඇති කාන්තාවක ඇතුළු පිරිසක් පසුව තීරණය වෙනස් කර ඉඩම ලබා නොගන්නා බව දන්වා ඇති අතර මේ නිසා ලබාදුන් මුදලින් ගිවිසුම් ප්‍රකාරව ලක්ෂ 08ක් ඔවුන් වෙත නැවත ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. සනායාගෙන් රුපියල් ලක්ෂ 08 ලබාදීමට නීතීඥ උපදෙස් මත එම පාර්ශ්වයෙන් කාර්යාල ලිපිලේඛන කිහිපයක් අවශ්‍ය බව දන්වා තිබෙන නමුත් මේ කියන කාන්තාව ඇතුළු පිරිස එම ලිපි ලේඛන ලබාදීම දිගින් දිගට පමා කර තිබේ.

මේ නිසා සනායා පාර්ශ්වයෙන් ඒවා ලැබෙන තුරු මුදල් නැවත ලබා දී නැත. මේ අතරවාරයේ ඇය විදෙස්ගතව සිටියදී ඔවුන් ඇය මුදල් ලබාදුන්නේ නැතැයි කියමින් වරෙන්තුවක් ලබාගෙන ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

සුරූපී වෛද්‍යවරියක් සමග විවාහ වූ කාවිංග පෙරේරා දැන් ගෙවන ජීවිතේ [PHOTOS] | Hot Gossip Story About Kavinga Perera & his wife | GOSSIP 99 | Gossip Lanka News | Hot Gossips |

කෙසේ වෙතත් පැය කිහිපයකින් ඇය ඇප මත නිදහස්ව තිබෙන අතර සනායා මේ සම්බන්ධ නීතිමය කාරණා එම පාර්ශ්වය සමග ඉදිරියට සිදුකරන බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධ විමර්ශන ඉදිරියට සිදුවන බව සඳහන් වේ.

Source – Gossip Lanka News