උණුසුම් පුවත්
Search
jackson

තවමත් මැෂින් වලින් හුස්ම ගන්න රංගධර ජැක්සන්ට ඉක්මන් සුව පතා බිරිඳ කැළණි පන්සල් ගිහින්

174

අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ… හැමෝම කළා ලෝකය තුල ජැක්සන් ඇන්තනී කියන නම භාවිත වුනත් ඔහුගේ සම්පුර්ණ නම කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනියි. වේදිකාවට, සිනමාවට, නිවේදනයට, නර්තනයට මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නත් ඔහු ගොඩක්ම දක්ෂයි. ලංකාවේ හොඳම නළුවාට හිමි සම්මානය 16 වතාවක්ම දිනාගන්නත් ඔහු සමන්ත්වෙන්නේ ඔහු තුළ ඇති කලා හැකියාව මනාවට විදහා දක්වමිනුයි. රංගන ශිල්පියෙකු විදියට වගේම පසුව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක වැනි සෑම අංශයකින්ම කලාවට අගනා සේවයක් ඉටුකරපු චරිතයක් විදියට ඔහුව හඳුන්වන්න පුළුවන්.

image 109

ඉතින් මේ දක්ෂ කලාකරුවා 1958 ජූලි 08 වන දින රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපතලබන්නේ. ඔහු විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක සමගයි. ඇය තමයි කුමාරි සඳලතා මුණසිංහ. ඒ වගේම මේ ආදරණීය යුවලට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ එක ගැහැණු දරුවකු සිටිනවා. කලාව පිලිබඳ හසල දැනුමක් තියෙන මොහු වරක් අපේ රටේ වර්ථමාන සිනමාව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්,

image 108

”ලංකාවේ සිනමාව වගේම රංගන ඉතාම ඉහලම මට්ටමක තියෙනවා, එදා අපි දැකපු උසස් රංගධරන් සමග සැසඳුවොත් විශාල අසාර්ථක පිරිසක් මද ඉතාම සාර්ථක සුළු පිරිසක් ඉන්නවා… හැබැයි අද එදාට වඩා සෑහෙන පිරිසක් ඉන්නවා, ඒක තමයි අපිට තියෙන එකම සන්තෝෂය…. ඒ නිසා අපේ සිනමාව කඩා වැටිලා කියලා කියන්න බෑ….. අද හොඳ නළු නිලියන් වගේම ඉතාම සබුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා, හැබැයි අපේ කලාවට දක්ෂ නිළියන්ගේ උග්‍ර හිඟයක් තියෙනවා” කියලයි ඔහු සඳහන් කළේ.

image 107

කොහොම වුනත් අපි හැමෝම ආදරේ කරන මේ රංගධරයා තවමත් ශ්වසන උපකරණ ආධාරයෙන් තමයි රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ.

ඉතින් පසුගිය දිනෙක ඔහුගේ බිරිඳ කැළණි පන්සලේ සිට ඔහුට ආශීර්වාද පතා පින්කම් කරනු ලබන අවස්ථාවේ ගත් ඡායාරුපයක්, වැඩිමහල් පුතු අඛිල විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණේ මෙලෙසිනුයි.

image 106