අනුරාධපුර – තලාව මාර්ගයේ ගමන් ගනිමින් සිටි රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් මොරගොඩ ප්රදේශයේදී වල් අලියකුගේ සිරුරේ ගැටී ඊයේ (02) රාත්රියේ අනතුරක් සිදුව ඇතැයි වාර්තා වනවා.
මොරගොඩ ප්රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් අලියාගේ පහරකෑමට ලක්වූ වාහන වෙත ගිය ප්රදේශවාසීන් ඔවුන් බේරාගැනීමට උදව් කර තිබේ.
තුවාල ලැබූ තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පසුව දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනතුර නිසා ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව තලාව පොලිසිය සඳහන් කරයි.
අනතුරත් අවස්ථාවේ කැබ් රථය උඩට වල් අලියා ඇද වැටී තිබෙන අතර වාහනයට ද දැඩි හානි සිදුව ඇත.
ජැක්සන් ඇන්තනි සමඟ ගමන් ගත් සමන් ඇන්තනී සහ ඉරේෂ් යන අය තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි වාර්තා කරයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග දන්වා තිබේ.
මොවුන් සිනමා පටයක රූගත කිරීම් සඳහා එහි ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්රිත්ව තලාක්” ක්රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)