උණුසුම් පුවත්
Search
narmada 1 1

”ළිං මැඬි අදහස් අත්හරින්න, දරුවෝ දෙන්නෙක් ඉන්න මමත් දැන් පෙම්වතියක්” – නර්මදා යාපා අබේවර්ධන

372

නිරූපන ශිල්පිනියක විදියට වගේම නිවේදන ශිල්පිනියක විදියට බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන ඉන්න ආදරණීය දෙදරු මවක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ. මේ දවස්වල ”කොපි චැට්” වැඩසටහන හරහා නර්මදා යාපාව ඔබට දැකගන්න පුළුවන්. නර්මදා කියන්නේ දරුවන් දෙන්නෙක් එක්ක තනිවුන මවක් කියන එක නොදන්නා කෙනෙකු නැති තරම්. රටේම අවදානය දිනාගනිමින් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජනික් තිලකරත්න සමඟ විවාහ වූ නර්මදා දරුවෙකුත් සිටියදී තමයි ඔහුගෙන් සමුගන්නේ. අනතුරුව මෙරට ප්‍රකට කායවර්ධන ශිල්පියෙකු සමඟ විවාහ වන ඇයට එම විවාහයෙන් ද දරුවෙක් සිටිනවා. නමුත් ඉතින් මේ වෙන කොට ඒ විවාහයටත් සමු දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන ඇය නැවත වරක් පෙම්වතියක් කියලා දැනගන්න ලැබුණා. ඉතින් මේ කතාබහ ඇය සමඟයි.

image 244

ඉතින් නර්මදා කොහොමද දරුවෝ දෙන්නෙක් එක්ක තනියම ගෙවන ජීවිතේ ?

”මගේ ජීවිතේ මගේ පුතාලා දෙන්නා…. ඉතින් මම පුතාලා දෙන්නා එක්ක ගොඩක් සතුටින් ඉන්නවා, පහුගිය කාලයේ හිතුවෙවත් නැති විදියට මට ප්‍රශ්න ආවා…. ඒ ප්‍රශ්න නිසා මම මානසිකව වැටුනා, හැබැයි මම අද හිත ශක්තිමත් කරගෙන දරුවෝ දෙන්නා එක්ක සතුටෙන් ඉන්නවා…

image 238

මගේ ළමයි දෙන්නා හොඳට ඉගන ගන්නවා… මම මගේ ළමයි දෙන්නගේ හැම වැඩක්ම කරනවා, කිසිම වෙලාවක මම ඒ ළමයි තනි කරන්නේ නෑ, මම මට පුළුවන් උපරිමෙන්ම ඒ දෙන්නා සතුටෙන් තියෙනවා…. මම ෆ්‍රී ටයිම් එකක් ලැබුන ගමන් මම මගේ ළමයි දෙන්නා එක්ක ට්‍රැවල් කරනවා, අම්මා, අක්කා, අක්කගේ අයියා මට ගොඩක් උදවු කරනවා…. ඉතින් මම මගේ ළමයි දෙන්නා එක්ක ගොඩක් සතුටින් ඉන්නවා…”

image 243

තාත්තා කෙනෙක් නැතුව ළමයි හදන එක ඔබට බරක් නෙවෙයි ද..?

”ළමයි දෙන්නෙක් තනිව හදනවා කියන එක ගොඩක් ලොකු වගකීමක්…. මම මගේ ජීවිතේ මුහුණ දුන්න අත්දැකීම් එක්ක මම විඳලා තියෙන දේවල් එක්ක මම මගේ පුතාලා දෙන්නා සමාජයට වැඩදායි විදියට හදනවා…. මොකද ඒ දෙන්නා ලොකු වෙලා කවදාහරි විවාහ වේවි…. එතකොට කොහොමද මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕන කියලා ඒ අය දැනගන්න ඕන, මොකද මට වෙච්ච දේ මගේ ළමයි අතින් තවත් කාන්තාවකට වෙන්න හොඳ නෑ…”

image 239
image 240

දැන් ඔබ පෙම්වතියක්ද..?

”ඔව්..!!! මම දැන් සිංගල් නෙවෙයි, මටත් ආදරේ කරන්න ඕන… මමත් සාමාන්‍ය මනුස්සයෙක්, මට ආදරේ කරන්න මාව තේරුම් ගත්ත කෙනෙක් මට දැන් ඉන්නවා, ඒ වගේම එයා මට මගේ වැඩ හැම එකකටම ගොඩක් උදවු කරනවා… ඒ වගේම එයා මටත් මගේ ළමයි දෙන්නටත් ගොඩක් ආදරෙයි. මම දැම්ම ඒ ගැන මාධ්‍යට කියන්න කැමති නෑ, හැබැයි තව ටික දවසකින් ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි….”

image 241

ඉතින් මේ වන විට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නර්මදා පසුගිය දිනෙක කතාබහට ලක්වූ දිනක්ෂිගේ කොට ඇඳුම සම්බන්ධයෙන් පින්තූරයකට ඔවුන්ගේ රසිකාවික් තබපු සටහනක් වයිරල් වීම, අතර අපූරු කමෙන්ටුවක් මුහුනුපොතට එකතු කරලා තිබ්බා…

image 242

ඒ සටහන තමයි මේ,

”ඔයාට ලස්සන කොහොමද ඔයා ආස කොහොමද ඒ විදියට ඇඳුම් අඳින්න. ඔයාගෙ ලස්සන ඔයා දකින්න. ඔයා ඒ ලස්සන විදින්න. ආසම විලාසිතා කරන්න ඔයාගෙ ජීවිතේ අනුන්ගේ විවේචන මත පල් කරගන්න එපා. මොකද මේ ලෝකේ වැඩියෙන් ඉන්නෙ ඔයා මොනදේ කරත් ඒකේ ඇඳක් හොයන මිනිස්සු. සාරංග ගෞරව කරනවා ඒ වචෙනට. ඇත්ත මේ වගේ ළිං මැඬි අදහස් පසු පරම්පාරාවේ ඔලුවලට නම් පුරවන්නම එපා.මොකද ඒ දරුවෝවත් තව කෙනෙක්ගෙ ස්වාධීනත්වයට ගරු කරන ස්වාධීනව හිතන පතන ලස්සන පරම්පරාවක් වෙන්න ඕන දිනක්ෂි” කියලා…

image 237