උණුසුම් පුවත්
Search

නෙළුවේ වැටලීමක් අතරතුර තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි

57

වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියෙක් සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් මියගොස් තිබෙනවා.

එම වැටලීම නෙළුව පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකර තිබු අතර එහිදී පොලිස් නිලධාරියෙකුගේ අවිය උදුරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු එම අවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩිවැදී මියගොස් තිබෙනවා.

නෙළුව නගරයේ පිහිටි පාලු නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (18) සවස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

එම අවස්ථාවේදී එහි සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුගේ පිස්තොල ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසයි.

එහිදී අවිය ක්‍රියාත්මකවීමෙන් සැකකරුට වෙඩි වැදී ඇති බව ඔහු කියා සිටියි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ස්ථානයේ සිටි තවත් සැකරුවන් තිදෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නෙළුව පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ගාල්ල කොට්ඨාශයේ පොලිස් අධිකරිවරයෙකු පත්කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published.