උණුසුම් පුවත්
Search
fb

මුහුණුපොතේ පළ කළ වෛරී ප්‍රකාශයකට ගාල්ලේ තරුණයෙකු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට

49

සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

2022/07/23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව Facebook සමාජ මාධ්‍ය ජාලයේ පළවි තිබූ දැන්වීමකට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කර මහජන සාමයට බාධාකාරීමේ අරමුණින් අදහස් පළකළ පුද්ගලයෙකු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන උප ඒකකය මගින් විමර්ශනයක් සිදුකර ඊයේ (25) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 28ක් වන කොටුව, ගාල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

වෙනත් පුද්ගලයෙකු පළකළ දැන්වීමකට ද්වේශ සහගත හා වෛරී සහිගත ලෙස ප්‍රතිචාර දක්වමින් අත්අඩංගුවට ගත් සැකකරු තම ෆේස්බුක් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

මේ අනුව ජුලි 18 ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




Leave a Reply

Your email address will not be published.