උණුසුම් පුවත්
Search
sri lankan

උඩු ගුවනට ගිය මියුසියස් ආදි සිසුවියන්ගෙන් අපූරු වාර්තාවක් (ඡායාරූප සහිතයි)

3820

අදට (08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ජාතික ගුවන් සේවය අද කොළඹ සිට සිංගප්පූරුව වෙත සහ සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා පියාසර කෙරුණු UL 308/309 දරණ එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානය කාන්තා කාර්‍ය් මණ්ඩලයකින් පමණක් සමන්විතව පියාසර කර තිබේ.

මෙවැනි සිදුවීම් මීට පෙරත් වාර්තා වූ නමුත් මෙම සිදුවීම ඊටත් වඩා වෙනස් වීමට විශේෂ හේතුවක් ද වේ.

ඒ අනුව මෙහි විශේෂය වන්නේ මේ කාර්‍ය මණ්ඩලයේ සියලුම සේවිකාවන් කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ආදී සිසුවියන් වීමයි.

May be an image of 7 people and suitcase

May be an image of 10 people and aircraft