උණුසුම් පුවත්
Search
Untitled design 24

සිය දෙවැනි බිරිඳගේ විවාහයට මධුමාධව සහ තෙවැනි බිරිඳ එක් කළ අපූරු සටහන

310

මධුමාධව අරවින්ද කියලා කියන්නේ සමාජ මාධ්‍ය ජාලයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක්. සෑම අවස්ථාවන්හි දී ම නිසදැසක් හෝ යම් කතාවක් ඔස්සේ තම සිතිවිලි මුදාහරින ඔහු ඉතාම මියුරු ගීත කිහිපයක් කලා ලොවට දායාද කර දුන් අපූරු ගායන ශිල්පියෙක් ද වනවා. ඒ වගේම තමයි පහුගිය දවස් වල ඔහු දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී චරිතයක් ද වුණා. මධුමාධව අරවින්ද කා අතරත් වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වුණේ ඔහුගේ විවාහයන් නිසයි. මේ වන විට තුන්වරක් ම විවාහ වූ ඔහු පළමු වරට විවාහ වන්නේ අප කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිනී තෙන්නකෝන් මහත්මිය සමඟයි. ඔවුන් දෙපළට ස්වේතා නමින් හඳුන්වන ආදරණිය දියණියක්ද සිටිනවා. කාලයක් ඉතාම සාර්ථකව සිය විවාහ ජීවිතය ගෙන ගියත් ඔවුන් අතර ඇතිවූ යම් යම් මතභේදාත්මක ගැටලු නිසා එම විවාහයෙන් වෙන් වීමට ඔවුන් තීරණය කරනවා.

maxresdefault

ඉන්පසුව මධුමාධව රෙනුෂා නමින් හඳුන්වන සුන්දර යුවතියක් විවාහ කරගන්නා අතර එම විවාහයටත් වැඩි ආයුෂ තිබුණේ නැහැ. ඊටත් පසුව තමයි ඔහුට එරන්දිව මුණ ගැහෙන්නේ. ඉතින් ඇයට ඔහුව ආදරයට කතා කරන්නේ සීනි බනිස් කියන නමින්. ඉතින් ඔවුන් දෙදෙනා නම් මේ වන විට ඉතාම සාර්ථකව සැහැල්ලුවෙන් විනෝදකාමී ව තම විවාහ ජීවිතය ගත කරනවා. ඉතින් පසුගිය දිනකදී මධු මාධවට සිටි දෙවැනි බිරිඳ වන රෙනූෂා විවාහ දිවියට පත් වෙනවා. ඉතිං එයට අපූරු සුභ පැතුමක් එක් කරන්නට මධු මාධව අරවින්ද සහ එරන්දි අමතක කරන්නේ නැහැ. ඒ මේ විදිහට.

55564378 371084640402349 2966964060911828992 n

” ඔව් ඇය රෙනූශා මුදු පලදලා රැක ගෙන මංගල මුදුව අතේ.. දිගු කල් ජීවත් වෙන්නකෝ… සුරංගනා කතාවල කාටවත් තනියම ඉන්න දෙන් නෑ…. එකෝමත් එක රටකින් කුමාරයෙක් හරි කුමාරියක් හරි එනවා…. රෙනූශා නුබ සුරංගනාකතාවක් අපිට. මටත් එකෝමත් එක රටකින් සුරංගනාවියක් වසන්ත කාලය අරන් ආවා. ඒ සීනි බනිස්…. නැත්තම් එරන්දි… මමත් සීනි බනිසුත් හැම දාම ඔයා ගැන කතා කරද්දි, එරන්දි නිතරම කියුවෙ, දවසක ඔයා ලස්සන සුරංගනා කතාවක් පටන් ගයි…. කියලා.. එයා කියන්නේ, ඔයා කුමාරියක් වගේ කියල.. පෙනුමෙන් විතරක් නෙවෙයි… හිතන විදිහෙනුත්. කවදාවත් හැබහින් නොදැකත්, ඔයා ගැන කතා කරද්දි එයාගෙ ඇස් දිලිසුනා… මම ආදරෙන් බලා හිටියා… නෝන දිහා. ලෝකෙ කොච්චර ලස්සනද කියල තනියම හිත හිත. ඒ එයාගෙ හිත. රෙනූශා , ආදරනීය නංගියේ…. ඔයාගෙ හිතට කවුද ආවෙ.. ඉතිං, එකෝමත් එක රටකින්, කුමාරයෙක් ඇවිත්…නේද.? හිත පිරිල නේද….? අලුත් බලාපොරොත්තු ගොඩයි නේද? තනිපොටට වඩා දෙපොට හයියයි නේද..? පටන් ගන්න …. මේ තමයි… වසන්ත කාලය…… අවසාන ගමනාන්තය , පිච්ච මලින් සරසන්න.. දෙන්නටම අපි හදවතින්ම සුබ පතනවා.. දවසක් තිබ්බොත් අපි හතරදෙනාටම එකට ඉද ගෙන බත් කටක් කන්න, තේ උගුරක් බොන්න ඒක එහෙම උනාවේ…….. එහෙම උනේ නැතත්, පපුවෙන්ම පතනවා.. ඔය ආදරේට කිසි නපුරක් වෙන්න එපා…. කවදාවත් බඩ ගින්නක් දැනෙන්න එපා දෙන්නටම… අව්ව වැස්ස සුලි සුලන් වගේම පින්න, සුවද, මද පවන් ලගදිත්… දෙන්නගෙ අත් දෙක හයියෙන් අල්ල ගන්න…..

madhu madhawa wedding day

ඒ තරම් හයිය නෑ…. ලෝකේ කිසි හයියක්…චින්ගීස් අයිත් මාතවීගෙ ගුරු ගීතයේ කියන්නා වගේ…. අව්ව වැස්ස සුලි සුලං වලට පස්සෙ වසන්තය එනවා සත්තයි……. අත් දෙකෙන්ම වැලද ගන්න…ඒ වසන්තය…… ගුරු ගීතය පුරා ඈතින් කදු මුදුනේ ඉදන්, ගම දිහා ආදරෙන් බලන් ඉන්නව පොප්ලර්ගස් දෙකක්.අන්න ඒ පොප්ලර් ගස් දෙක වගේ, අපි දෙන්නත්… ආදරෙන් බලන් ඉන්නවා….. ඔය දෙන්නගෙ සුරංගනා කතාව දිහා. සත්තයි නංගියේ, මල්ලියේ…. උබලට සුබ මංගලම්…. කුමරියකට බෑ ලොව තනියම ඉන්න කුමරෙක් එනවමයි හදවත පුරවන්න සුරංගනා කතාව දැන් අරබන්න මුලු හදවතින් අපි, සුබ පතනව ඔන්න මදූ සහ එරන්දි සීනි බනිස අම්මා, තාත්ත ,මංජු අයියා, ඇතුලු බුකියෙ අපේ උන් ” ඉතින් ආදරණීය රෙනුෂා ට සුබ මංගලම් කියලා අපිත් සුබ පතනවා.

LP d98429de 2image story