උණුසුම් පුවත්
Search
chathurika

”ගැහැනියකගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ දරුවෙක් හැදුවමයි” – චතුරිකා පීරිස්

135

අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුළ කාලයක සිට තම ජනප්‍රියත්වය එක ලෙස රදවාගෙන තියාගන්නට සමත් වුණු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. ක්ශේෂ්ත්‍රයේම සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලක සමගින් විවාහ වෙලා ඉන්න චතුරිකා මේ වන විට සතුටින් තම පවුල් ජීවිතය ගත කරනවා. ඒ ඇය මේ වන විට ආදරණීය දූ සිගිත්තියකගේ මවක්. ඇගේ දියණිය ආරාධනා දෝණි ගැන මේ වන විට නම් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම ආරාධනාව අපි සමාජ මාධ්‍ය හරහා දකිනවා.

image 310

ඉතින් උතුම් මව් පදවිය ලබපු චතුරිකා පීරිස් මව් පදවිය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

image 311

”ගැහැනියක් වුණාම අනිවාරෙන්ම එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නනම් මවක් වෙන්න ඕන….. සමහරක් කට්ටිය ඉන්නවා තමන්ගේ ඇගේ මාර්ක් එකක් එන නිසා දරුවො හදන්නැති… මම නම් කියන්නේ ඒකට විසදුම දරුවෙක් හදන්නැතුව ඉන්න එක නෙමෙයි, තාක්ෂණය දියුණු නිසා මාර්ක් නැති කරන විවිධ ක්‍රම තියෙනවනේ. ඒ දෙයක් කරන්න කියලා….’’

image 312

ආරාධනා දෝණි නිසා ජීවිතය දැන් ගොඩක් සතුටින් ගෙවන චතුරිකා දියණියව පාසල් යවන්නත් ලෝභයි කියලා තමයි කියන්නේ….. ඒ තරමට ඇය නැතුව පාලු නිසා. දරුවෙක් හදන්නැතුව හිටපු කාලේ අපරාදේ කියලා තමයි චතුරිකා කියන්නේ. ඒ තරමට මේ ජීවිතේ ඇයට සුන්දරයි කියලයි චතුරිකා අවසාන වශයෙන් අදහස් දක්වලා තිබුණේ.

image 309