උණුසුම් පුවත්
Search
passport women

දින 02ක් පාස්පෝට් පෝළිමේ සිටි කාන්තාවක් කාසල් රෝහලේදී බිළිඳියක් ප්‍රසූත කරයි

302

අද (07) දිනයේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට විළිරුදාව ඇතිවීමෙන් පසු ඇයව රෝහල්ගතකිරීමෙන් පසු දරුවෙකු ප්‍රසූත කළ සිදුවීමක් වාර්තා වනවා.

පෝලිමේ රැඳී සිටියදී ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටිය දී දරු ප්‍රසූතිය ලකුණු පහළ වී තිබෙන අතර ඒ ගැන ඇය
දැනුම් දීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් ඇයගේ පිහටට ඉදිරිපත්ව ඇති අතර ඔවුන් වහාම ඇයව බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලට රැගෙන ගොස් තිබේ.

රෝහලට ඇතුළත් කර සුළු වේලාවක දී ඇය දරු ප්‍රසූතියක් සිදු කළ බවත් බිලිඳියක ප්‍රසූත කළ බවත් වාර්තා විය.

මව සහ දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල වාර්තා කර ඇත්තේ.

මෙම කාන්තාව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටින්නියක බවත් 26 හැවිරිදිවියේ පසුවන්නියක බවත් වාර්තා විය.

හැටන් ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණ ඇති මෙම කාන්තාව හා සැමියා දින 02ක පමණ කාලයක් මෙලෙස විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා රැඳී සිට ඇති අතර ඇගේ ශාරීරික වේදනාවන් මතුව ඇත්තේ දෙවන දිනයේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *