උණුසුම් පුවත්
Search
dilrufa

”බිකිනි ඇන්ද කියලා ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නෑ” – ඩිල්රුෆා ෂනාස්

1124

නිරූපණ ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ශිල්පිනියක් තමයි ඩිල්රුෆා ෂනාස් කියලා කියන්නේ. ඒ වගේම පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඇය හිටි හැටියේ ක්ෂේත්‍රයෙන් නොපෙනී ගියා. හැමෝම හිතුවෙ ඇය කළා කටයුතු සියල්ල හැරදාල විදෙස්ගත වුණා කියලයි. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

No photo description available.

ඇය පසුගිය කාලයේ ව්‍යාපාර වැඩ කටයුතු කිහිපයකට අත ගැහුව නිසා ටිකක් කාර්ය බහුල වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඊට පස්සෙ ඇය චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දැනට ඇය චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා.

No photo description available.

ඒ වගේම ඇය පහුගිය කාලයේ පාඨමාලා කිහිපයක් හදාරන්න තමයිලු නිරූපණයෙන් ඈත් වුනේ. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආවෙ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන්. ඊට පස්සෙ තමයි ඇය නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. අන්තිමේ නිවේදිකාවක් විදියටත් ඇය කාලය ගෙව්වා. කොහොම නමුත් ඔය අතරෙ ඇය පාඨමාලා කීපයක් හදාරන්න විදෙස්ගත වුණා නිසා ඒකෙන් ඒ ටික ඇයට මඟහැරුණා කියලත් ඇය කියනවා.

No photo description available.

ඒ වගේම ඇයගේ මුල්ම චිත්‍රපටය තමයි ගිනිමල් පොකුරු. ඉතින් ඇය ළඟදී උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඉතින් ඒක වෙනස් අත්දැකීමක් කියලත් ඇය කියනවා. ඒ වගේම බිකිනි අඳින නිරූපිකාවන් අපේ රටේ බොහෝ විට ගැරහීමට ලක්වෙනවා. ඉතින් බිකිනි එකක් කියන්නෙ ඇඳුමක් විතරයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මොඩ්ලර් කෙනෙක් වුණාම සමහර වෙලාවට බිකිනි අඳින්න වෙනවාලු. හැබැයි ඇය හිතන්නේ ඇඳුම නෙමෙයි වැදගත් කියලයි. ඒ බලන කෝණයයි වැදගත්.

No photo description available.

මොකද බිකිනි එකක් ඇන්ද කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ වගේම දිගට ඇන්ද කියල ගැහැනියක් හොඳ වෙන්නෙත් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ආදරයෙන් පැරදිලා තියෙනවාලු. මොකද ඇයට සම්බන්ධකම් දෙක තුනක්ම තිබිලා තියෙන නිසා. ඉතින් ඒවා පොඩි කාලවල්වල තිබුණ ඒව කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒවා අවුරුදු පහ හය වගේ කාලවල තිබුණු සම්බන්ධ නිසා ඒවත් එක්ක ආදරය ගැන සමහර වෙලාවට කලකිරීම් තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වෙලාවට කරපු හොඳ දේවල් ගැන හිතල හිත හදාගන්නවා මිසක් ඒගොල්ලන්ට කරදරයක් වෙන්න ගිහින් නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

No photo description available.

No photo description available.