උණුසුම් පුවත්
Search
online passport

ලබන ජනවාරියේ සිට ගෙදර ඉඳගෙනම පාස්පෝර්ට් හදාගන්න ක්‍රමයක්

267

ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාල වැඩසටහන හරහා, අයදුම්කරුවෙකුට තම නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අයදුම්කරුට ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුයි.

එම කටයුත්ත සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකම ඉදිරිපස කාර්යාල කවුන්ටර 50ක් ස්ථාපිත කිරීමටත් එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 බැගින් තෝරා ගෙන තිබෙනවා.