උණුසුම් පුවත්
Search

ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි

76

ගාල්ල – උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටව ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට වන රක්ෂිතයේ තිබු හොරගසක අත්තක් කඩාගෙන වැටිමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිව්දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලිසිය පවසනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව පියා සහ පුතුන් දෙදෙනෙකි. මව සහ පුතකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මොවුන් හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. පියා සහ මව 58 හා 56 වැනි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා 30 හා 26 වැනි වියේ පසුවෙති.

පියා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. පියා රෝහලින් නිදහස් කරගෙන ත්‍රීරෝද රථයෙන් නිවස වෙත යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.

ත්‍රීරෝද රථය පදවා ඇත්තේ පුතෙකු වන අතර ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකි.

කොට්ටව රක්ෂිතයේ තිබු අඩි 150ක් පමණ උසින් යුතු පැරණි හොර ගසක් තවත් හොර ගසක් මතට කඩාගෙන වැටීමෙන් එම ගසේ අත්ත ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථය මතට වැටි ඇති බැව් පොලිසිය පවසයි.

පොලිසියේ මැදිහත් වීමෙන් තුවාලකරුවන් රෝහල්ගත කිරිමට පියවරගනු ලැබිය.

ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි වි ඇත.

අක්මීමන එච් එම් සමන්




Leave a Reply

Your email address will not be published.