උණුසුම් පුවත්
Search
missing

පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්

53

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.

අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම් වලින් අනතුරුව එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහු විසින් ලියන ලද ලිපියක් ද පොලීසියට භාර දී තිබේ .

යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිසුවා පිළිබඳව 16 වැනිදා සිට කිසිදු තොරතුරක් නොමැති බව ඔහු සමග සිටි සමකාලීන සිසුන් ද පවසා තිබේ.

පේරාදෙණිය ශාස්ත්‍රපීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි මොහු පිළිබඳ තොරතුරක් ඇතොත් පහත දුරකථන අංක සඳහා දැනුම් දෙන ලෙසයි දෙමාපියන්, මිත්‍රයින් සඳහන් කරන්නේ.

image 197