දකුණු කොරියාවේ සෝල් අගනුවර මංතීරුවක හැලොවීන් උත්සවය සමරමින් සිටි ජනකායක් තෙරපීම නිසා පුද්ගලයින් 150 දෙනෙකු මියගොස් තවත් 65 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
ජනප්‍රිය රාත්‍රී ජීවිත (Night life) දිස්ත්‍රික්කයක් වන Itaewon හි මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.
මළ සිරුරු වීදි වල පෙළ ගැසී ඇති අයුරු හා ඇතැමුන් සිහිසුන්ව වැතිර සිටි අයුරු රූප රාමු ප්‍රසිද්ධ වී ඇති අතර හදිසි සේවා නිළධාරීන් පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් සීමාවන් ඉවත් කිරීමෙන් පසු වසර තුනකට පසු පළමු වරට හැලොවීන් සැමරීහක් සඳහා එක්වූ 20 හැවිරිදි යෞවනයන් බවයි.
කෙසේ නමුත් මෙම අනතුරට මුහුණ දුන් විදේශිකයින් දෙදෙනෙකු පමණ ද සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.
ඒ අනුව මෙහිදී මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකික තරුණයෙකු ද සිටින බව වාර්තා වනවා.
ඔහු 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි හෙළි වී ඇත්තේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව තහවුරු කර තිබේ.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ.
අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතු වී ඇති බව එරට ගිනිනිවන හමුදාව පෙන්වා දෙයි.