ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පළිබෝධනාශක රෙජිටාර්වරයාගේ බලපත්‍රයකට යටත්ව ග්ලයිෆොසේට් ආනයනය කිරීමට අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.
ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය වන 2015 වසරේදී යි.
”ග්ලයිෆොසේට්” යනු වල් නාශකයකි.
මිනිසා විසින් කෘත්‍රිම ලෙස නිපදවන ලද රසායන ද්‍රව්‍යයක් වන මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම ගොවිතැන් කටයුතු සඳහා යොදන ප්‍රධානතම රසායන ද්‍රව්‍යයයි.
බටහිර විද්‍යාව නිපද වූ විස්‌මයජනක රසායන ද්‍රව්‍යයක් ලෙස බටහිර කෘෂි විද්‍යාඥයෝ ග්ලයිෆොසේට් හඳුන්වන අතර ආරම්භයේ දී මේ රසායන ද්‍රව්‍යයට පේටන්ට් අයිතිය ලබාගත්තේ කිවුල ඉවත් කරන රසායන ද්‍රව්‍යයක් ලෙස ය. ඒ 1964 වසරේ දී ය. පසුව 1969 වසරේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගම වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් සඳහා පේටන්ට් අයිතිය ලබාගත්තේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට් තහනම පිළිබඳ මුල් වරට සංවාදය ඇරඹෙන්නේ 2012 වසරේ දී වන අතර 2012 නොවැම්බර් මස 22 දින පැවැති “රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය” පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මගින් මේ පිළිබඳ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට 10 දෙනකු ගෙන් යුත් විද්වත් කමිටුවක් ද පත් කරන ලදි.