දිනක්ෂි සහ සාරංග හෙවත් අම්මයි තාත්තයි කොච්චර ජනප්‍රිය වුණත් මේ පුංචි දඟමල්ල දැන් ඒ දෙන්නාටම වඩා ජනප්‍රියයි. මේ ටික කාලෙට සාරන්‍යා පුංචි දෝණි මෙච්චර ඉක්මනට ලොකු වුණාද කියලත් හිතෙනවා… බලන්නකෝ කාටත් නොතේරීම එයා දැන් මොන්ටිසෝරි යන්න තරම් ලොකු වෙලා……
පසුගිය දවසක පුංචි සාරන්යගේ ජීවිතේ වැදගත්ම දවසක් වුණා. කොහොම වුණත් මේ වෙනුවෙන් සාරංගයි දිනක්ශි නම් පෙරුම් පුරාගෙන හිටපු දවසක් වෙන්න ඇති….. මේ වෙනුවෙන් ඒ දෙනා සූදානම් වෙන හැටි එයාලගේ සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් දැකගන්න පුළුවන් වුණා.. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා තරමක් කාර්යබහුල වුණා කිව්වත් නිවැරදියි.
කොහොම වුණත් සාරන්‍යා කියන්නේ ඇත්තටම ගොඩක් වාසනාවන්ත දරුවෙක්… මේ විදිගේ දෙමව්පියන්, පවුලක් එයාට ලැබිලා තියෙන්නේ ඒකනේ…..
ඉතින් මේ පුංචි පැංචිගේ අධ්‍යාපනය දවසින් දවස දියුණු වෙලා ගුණවත් නැණවත් දියනියක් වෙන්න කියලා ඇයට ආදරය කරන හැමෝම ප්‍රාර්ථනා කරාවි…

