උණුසුම් පුවත්
Search
army

යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

278

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානි කිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට සිදුකරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව ද යුද හමුදාව සඳහන් කරයි.

විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුළුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බව ඔවුන් සඳහන් කළේය.

අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිත කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published.