දින 15ක කාලයක් සඳහා ප්රමාණවත් ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවය.
ඉදිරි දින කිහිපය තුළ ආනයනය කර ඇති තොග රැගත් ඉන්ධන නෞකා ද දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වේ.
මේ වන විට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීමට හේතු වී ඇත්තේ ඔවුන් සිය ඇණවුම් නිසි පරිදි නොකිරීම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියි.
කෙසේ නමුත් දිවයිනේ ඉන්ධනහල් විශාල ප්රමාණයක යළිත් පෝළිම් පවතින බවයි වාර්තා වන්නේ.