රටේම අවදානය දිනා සිටින සනුක සහ වින්ඩිගේ විවාහ උත්සවය සම්බන්ධයෙන් අද දවස පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා කතා කරනවා.
සංගීත ක්ෂේත්රයට උපතින්ම උරුමකම් කියාගෙන පැමිණි, අපේ රටේ ප්‍රසිද්ධ පවුල් දෙකක සුසංයෝගයකින් තමයි මේ විවාහය සිදු කෙරෙන්නේ.
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණිය වන වින්ඩි සංගීත් වික්‍රමසිංහගේ පුතනුවන් වන සනුක සමඟයි මෙලෙස යුග දිවියට පිවිසුණේ.
පසුගිය කාලයේ මොවුන් දෙදෙනා ගැනම බොහෝ දෙනා සිය ආදරය සහ ආශිර්වාදය පළ කර සිටියා.
කොහොම නමුත් ඉතින් අද දවස පුරාම ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන්න පටන් අරගෙන.
පල්ලියේ පැවති ආගමික චාරිත්‍ර වලින් අනතුරුවයි කොළඹ Monarch Imperial හෝටලයේ මෙම විවාහ මංගල්‍යය උත්සවය පවත්වනු ලබන්නේ.
කලා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් තමයි මෙම විවාහ මංගල උත්සවය පවත්වනු ලබන්නේ.