මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ සෙයින් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි දිනක්ෂි සහ සාරංග යුවලගේ දියණිය සාරන්‍යා කියන්නේ.
ඉතින් සාරන්‍යා දියණියට අද විශේෂ දවසක්.

ඒ තමයි ඇයගේ පළමු උපන්දිනය අදට යෙදිලා තිබීම.

කොහොම නමුත් පසුගිය කාලය පුරාම දිනක්ෂි සහ සාරංග යුවල බොහෝ ප්‍රේක්ෂකයින්ගේ විවේචන වලට ලක්වුණේ සාරන්‍යා දියණියගේ මුහුණ නොපෙන්වා සමාජ මාධ්‍ය වල ඡායාරූප පළ කිරීම නිසයි.

සමාජ මාධ්‍ය නිසා නිරන්තර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු සමාජගත කරන මේ යුවල වසරක් පුරාම ප්‍රේක්ෂකයින්ගෙන් මෙලෙස විවේචනයන්ට ලක් වුණත් ඔන්න ඊයේ දින සාරන්‍යා දියණියගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ගීතයක් සමඟ වන වීඩියෝවක් යුටුබ් වලට එක්කර තිබුණා.

ඒ නිසා මුළු ලෝකයටම ඇයව ඊයේ දිනයේ සිට දැකගන්න ලැබුණා.

ඉන් අනතුරුව සිටම ඉතින් මේ දියණියගේ ඡායා රූ රැසක් සමාජ මාධ්‍ය වල පළ වෙනවා දක්නට ලැබුණා.
කලා ක්ෂේත්‍රය ඇතුළු දිනක්ෂි සහ සාරංග යුවලගේ හිත මිතුරන් රැසක් ඇයට සුබ පතන්න එක්වීමත් සමඟ එලෙස පින්තුර රැසක් සමාජගත වුණා.
ඉතින් මේ දියණිය සාරන්‍යාගේ තවත් ඡායා රූ පෙළක්.


මෙහි ඡායාරූපකරණය මහේෂ් බන්සා විසින් සිදුකර ඇත.
