තැපැල් ගාස්තු සංශෝධනය කිරිමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය සිදුවනු ඇති.
රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ඉහළ යනු ඇති.
තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් සඳහා රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
නව සංශෝධන සහිත ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල්පතිවරයා විසින් ඉකුත් සිකුරාදා යවනු ලැබූ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර සිටියි.
ඒ අනුව, මේ මස 15 වනදාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම මේ මාසය තුළ ගාස්තු සංශෝධනය සිදුවන බවත් ඔහු කියා සිටියි.
කෙසේ වෙතත් නව සංශෝධන අනුව මූලික තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි වන නමුත් නව සංශෝධන අනුව පාර්සල් ගාස්තු ඇතුළු සමහර ගාස්තු පවතින ප්‍රමාණයට වඩා අඩුවනු ඇතැයි ද වාර්තා වේ.
විදේශ තැපැල් ගාස්තු හා පාර්සල් ගාස්තුව ද පසුගිය මාසයේදී ඉහළ නංවනු ලැබිණි.
මීට පෙර දේශීය තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුවූයේ 2018 ජුනි මස 15 වන දා ය.