දුම්රිය එන්ජින් ධාවනයට අවශ්‍ය ලිහිසි තෙල් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ඉදිරි දින කීපයේදී දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතාන ඊයේ (26) පැවසුවා.
ලිහිසි තෙල් නොමැතිකම හේතුවෙන් දැනටමත් දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවත් කර ඇතැයි ද හෙතෙම කියා සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කියා සිටියේ.
” විශේෂයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය නඩත්තු කිරීමේ අපහසුතා මතු වෙලා තිබෙනවා. මේ දුම්රිය පීල්ලක් ගෙවෙන කොට නැවත අලුත් පීල්ලක් දාන්න බැහැ. පීලි නැහැ. අලුත් සිල්පර කොටන් නැහැ. රේල් පාරට අවශ්‍ය කරන කළුගල් මිල දී ගන්න විදිහක් නැහැ. මුදල් නැහැ. රේල් පාරට අවශ්‍ය කරන ඇණ, මුරිච්චි, ප්ලේට්, අමතර කොටස් පිටරටින් ගේන්න සල්ලි නැහැ…. මේ තත්ත්වයන් තුළ දුම්රිය මාර්ග නඩත්තු කිරීම් බරපතළ ප්‍රශ්නයක් වෙලා. දුම්රිය මාර්ග නඩත්තු කරන්නත් සේවක හිඟයක් පවතිනවා. 7250කට වැඩි සේවක පිරිසකගේ පුරප්පාඩු තිබෙනවා. ලිහිසි තෙල් ඇතුළු දුම්රිය එන්ජින් වලට දමන තෙල් වර්ග ගණනාවක් නැහැ. මේ තත්ත්වය තුළ එන්ජින් නඩත්තු කිරීම බරපතළ ප්‍රශ්නයක් වෙලා. මෙවැනි තත්ත්වයක් යටතේ දුම්රිය ධාවනය කිරීම අවදානම් තැනකයි තියෙන්නේ. මේක තමයි ඇත්ත කතාව.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Source – Divaina