උණුසුම් පුවත්
Search
internet

ගෙන එන්නට සැරසෙන සමාජ මාධ්‍ය නියාමනට ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයෙන් රතු එළියක්

128

අදාළ පාර්ශ්ව සමග කිසිදු සංවාදයකයින් තොරව, ශ්‍රී ලංකා රජය මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒමට උත්සාහ දැරීම පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර තිබෙනවා.

මෙම සංවිධානය ආසියානු කලාපයේ අන්තර් ජාල සේවා සපයන සමාගම් සමූහයක එකතුවක්.

ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයට ඇමසන්, ඇපල්, බුකින් ටොඩ් කොම්, එක්ස්පීඩියා ගෲප්, ගූගල්, ගෝ ටූ, ග්‍රෑබ්, ලයින්, ලින්ක්ඩ් ඉන්, මෙටා, පින්ටරස්, රැකුටෙන්, ෂොපිෆයි, ස්නැප් ඉන්කෝපරේටඩ්, ස්පොටිෆයි, ට්විටර් සහ යාහූ යන සමාගම් ඇතුළත් වනවා.

ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ, යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මෙන්ම විරෝධය පලකිරීමට ඇති අවස්ථාව අහිමිකරන කෲර නීතියක් බවයි.

Source – News 1st